ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට නම් කරන ලද ධම්මික ප්‍රනාන්දු මහතා නයිරෝබි බෞද්ධ විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකමට සහභාගී වෙයි
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට නම් කරන ලද ධම්මික ප්‍රනාන්දු මහතා, LOLC Kenya Microfinance Bank ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් නයිරෝබි බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වූ වාර්ෂික කඨින චීවර පූජා පිංකමට 2026 නොවැම්බර් 15 දින සහභාගී විය. මෙම ආගමික උත්සවය සඳහා කෙන්යාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව ඇතුළු සැදැහැවතුන් රැසක් සහභාගී වූහ.
වස් කාලය අවසානයේ පැවැත්වෙන බෞද්ධ ආගමික චාරිත්‍රානුකූලව සංවිධානය කරන ලද මෙම පිංකමේදී මහා සංඝරත්නය වෙත කඨින චීවරය පූජා කිරීම සිදු කෙරිණි. මෙම පුණ්‍ය කර්මය තුළින් දානය, කරුණාව සහ ආධ්‍යාත්මික භක්තිය වැනි බෞද්ධ වටිනාකම් මෙනෙහි කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව සැලසිණි.
මෙම අවස්ථාවට මහ කොමසාරිස් ධුරයට නම් කරන ලද ධම්මික ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වය තුළින් කෙන්යාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යාමටත්, විදේශයන්හිදී ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය හා සංස්කෘතික සම්ප්‍රදායන් ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දක්වන කැපවීම පිළිබිඹු විය.
මෙම ආගමික උත්සවය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් LOLC Kenya Microfinance Bank ආයතනය වෙත ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිය කෘතඥතාව පළ කරන අතර, මෙම පුණ්‍ය කර්මය සාර්ථක කර ගැනීම සඳහා කැපවූ විහාරස්ථානයේ මහා සංඝරත්නය, සංවිධායක මණ්ඩලය සහ සියලුම සැදැහැවතුන්ගේ දායකත්වය ද අගය කරයි.
